Last.fm සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ Brazzers වෙබ් අඩවියත් Hack වෙයි
Loading...
ශ්‍රී ලංකාව තුල වෙබ් අඩවි හැක් වීම පිලිබදව වැඩියෙන් කතා කරන්න ගත්තේ මීට දින කිහිපයකට පෙර අපේ රටේ ජනදිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කිරීමත් සමගයි.
ශ්‍රී ලංකාව තුල එසේ වෙද්දී, ලොව පුරාත් වෙබ් අඩවි හැක් වීම පිළිබද බොහෝ තාක්ෂණික බ්ලොග් අඩවි වල ලිපි පල උනා.
විදේශ තාක්ෂණික බ්ලොග් වලට අනුව Last.fm සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ Brazzers වෙබ් අඩවියත් Hack වෙලා තිබෙනවා. Brazzers වෙබ් අඩවියේ Accounts 800,000 ක පමණ විස්තර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ලංකාවට එය ලොකු ප්‍රශ්නයක් නොවුනත් විදේශ රටවල සමහර අයට නම් එය මේ වෙන විටත් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන බවයි ආරංචි වෙන්නේ.
Last.fm වෙබ් අඩවියේ Password මිලියන 43 ක් Hack වෙලා තිබෙනවා. පහලින් අපි සදහන් කරලා තියෙන්නේ එම Password වලින් වැඩිම වශයෙන් භාවිත වෙලා තියෙන Password. පහත Password List එක බැලුවම අපට පැහැදිලිව තේරුම් යන දෙයක් තමයි Strong Password භාවිතා කරන්න කිව්වට බොහෝ දෙනා තවමත් weak Password භාවිතා කරන බවයි.
| Rank | Password | Frequency |
| 1 | 123456 | 255,319 |
| 2 | password | 92,652 |
| 3 | lastfm | 66,857 |
| 4 | 123456789 | 63,984 |
| 5 | qwerty | 46,201 |
| 6 | abc123 | 36,367 |
| 7 | abcdefg | 34,050 |
| 8 | 12345 | 33,785 |
| 9 | 1234 | 30,938 |
| 10 | music | 27,975 |
| 11 | 12345678 | 25,876 |
| 12 | 111111 | 25,313 |
| 13 | abcdefg123 | 21,555 |
| 14 | aaaaaa | 19,098 |
| 15 | 123123 | 18,147 |
| 16 | 123 | 17,225 |
| 17 | liverpool | 17,191 |
| 18 | 1234567 | 17,168 |
| 19 | 000000 | 16,941 |
| 20 | monkey | 16,787 |
Loading...
Last.fm සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ Brazzers වෙබ් අඩවියත් Hack වෙයි
Reviewed by Chathura Perera
on
4:18:00 AM
Rating:
Reviewed by Chathura Perera
on
4:18:00 AM
Rating:

No comments: