ටයිටැනික් හි ජැක් ගැන ආන්දෝලනාත්මක මතයක් සමාජ ජාල වෙබ් අඩවි රත් කරයි
Loading...
කෙසේ වුවද මේ වන විට සමාජ වෙබ් අඩවි ජාලා තුල කසු කුසුවක් ඇති කීරීමට සමත් කාරනයක් ජැක් කියන චරිතය වටා මැවි තිබෙනවා.
නිදහස් මතධාරීන්ට අනුව ජැක් යනු රෝස් නෞකාවේ යන අතරතුර ඇගේ සිතුවිලි මත මැවුනු එක් මිත්‍යා චරිතයක් හෝ කල්ප මාත්‍රයක් බවයි.
මෙයට හේතුව ඇය නෞකාවේදි ගමන් කල කාලයේදී ඇය මුහුන දුන් අසහනකාරි මානසික පීඩනය වලකාගැනීමට ඇගේ සිතුවිලි අතර නිමැවුන චරිතය ජැක් බවයි.
ජැක් යනු ඇගේ ගැලවුම් කරුවා බව ඇගේ සිතුවිලි වලින් නිමවා ඇත්තේ ඇය විසින්ම තමා සතු නොපෙනෙන ආත්ම ශක්තිය හා මුසු කරගෙන බවයි පැවසෙන්නේ..
එය ඔවුන් දෙදෙනාගේ ප්‍රථම හමුවීම තුල ඇගේ සියදිවි නසාලීම ජැක් විසින් නවතා ලීම තුලම ඒකි ඇගේ අභ්‍යන්තර ශක්තිය පිළිඹිඹු වන බව මොවුන් වැඩි දුරටත් පවසනවා.
ටයිටැනික් හි සත්‍ය සිදුවීමේද ජැක් වැන්නෙකු ගැන කිසිඳු සඳහනක් නොමැති වීමත් තව කරුණක්..
අවුරුදු 101 ක් වයස රෝස් ද මෙහි යම් තැනක එවන්නෙකු සිටියාද? ඔහු සිටින්නේ මාගේ මනස තුල යැයි ප්‍රතිචාර ද දක්වයි. තාක්ෂණිකමය වශයෙන්ද මෙම හමුවීම අසාමාන්‍යය ය.
ජැක් වැන්නෙකු පිළිනඳ සඳහනක් නොමැති වුවත් ඇගේ චිත්‍රය සිතුවීමට නැගිමත්, ඇගේ පවුලේ අයට ජැක්ව හඳුන්වා දීමත්, කාඩ් සෙල්ලමකින් ඔහුට මෙම නෞකාවේ ගමන් වරම් හිමි වීමත්, කාල් ගේ ගෝලයා ඔවුන් එකට සිටි බවට ලබා දුන් ඔත්තුවත් , කබායේ සැඟවි තිබු මාලය පිලිබඳ සිද්ධියත් නිසා මෙහි යම් කිසි පරස්පර විරෝධි අදහසක් මෙම නව මතයට එරෙහිව නැගෙන බව ද සත්‍යයකි.
Loading...
ටයිටැනික් හි ජැක් ගැන ආන්දෝලනාත්මක මතයක් සමාජ ජාල වෙබ් අඩවි රත් කරයි
Reviewed by Chathura Perera
on
8:56:00 PM
Rating:
Reviewed by Chathura Perera
on
8:56:00 PM
Rating:

No comments: