සැමියා විදේශගතව සිටින අතරේ කුලියාපිටියේ බිරිඳක් තරුණයෙකුට යැවූ නිරුවත් සෙල්ෆි ලීක් වෙලා

Loading...
විදෙස්‌ සේවය නිමවා නිවසට බීමතින් පැමිණි සැමියා නිවසට ඇතුළුවූ අවස්‌ථාවේම බිරිඳට පහරදීම සම්බන්ධයෙන් බිරිඳ කළ පැමිණිල්ලක්‌ මත සැමියා පන්නල පොලිස්‌ ළමා හා කාන්තා කාර්යංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී පැමිණිල්ල විභාග කළ අදාළ අංශයේ ස්‌ථානාධිපති කාන්තා පොලිස්‌ සැරයන් සංජීවනී ළමාහේවා මහත්මිය කළ ප්‍රශ්න කිරීම් අනුව සැමියාගේ පිළිතුර වී ඇත්තේ තමන් දුක්‌ මහන්සියෙන් විදෙස්‌ ගතව සිය පවුල ගොඩ ගැනීමට වෙර දරමින් සිටියදී දරුවන්ගේ මුහුණ බලා කතා බස්‌ කිරීමට නවීන තාක්‍ෂණයෙන් යුතු දුරකථනයක්‌ බිරිඳට දුන් බවත් කල්යත්ම බිරිඳ නිතර කතා කිරීම අඩුකළ බවත් ඒ අතරවාරයේ වෙනත් තමන් නොහඳුනනා ද්‍රවිඩ තරුණයකුට කතා කර තිබීම හෙළිවී ප්‍රශ්න කර සිටි බවත් සැමියා පොලිසියට පවසා ඇත.
තම බිරිඳගේ නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක්‌ එකී තරුණයා තමන්ගේ දුරකථනයට යවා ඇති බවද එම තත්ත්වය යටතේ තම දරුවන් බිරිඳ සමඟ තනිකොට යැම පවා අවදානම් තත්වයක්‌ නිසා නැවත විදෙස්‌ගත නොවීමටද තීරණය කළ බැව් හැඩූ කඳුළින් පවසා ඇත.
පසුව බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ සිද්ධිය තමන්ගේ නොදැනුවත් භාවය නිසා සිදුවූවක්‌ බවත් කිසිදිනක එම තරුණයා දැක නැති බවත් රුපියල් ලක්‍ෂයක මුදලක්‌ ලබාදෙන බවට වූ පොරොන්දුව මත තමන් විසින් නිරුවත් සෙල්ෆී ඡායාරූප යෑවූ බවත් පවසා ඇත.

කෙසේවෙතත් බිරිඳ නිවැරැදි කරදෙන්නේනම් තමන් එම වරදට සමාව දී නැවත දරුවන් වෙනුවෙන් සමගිව කටයුතු කිරීමට සැමියා එකග වූ බැවින් බිරිඳගේ නිරුවත් සෙල්ෆී ඡායාරූප සහිත මෙමරි පත පොලිස්‌ භාරයට ගෙන මෙවැනි ග්‍රාමීයව හැදී වැඩෙන නවීන තාක්‍ෂණය යහපතට භාවිත කළ නොහැකි කාන්තාවන්ට එවන් අධි පහසුකම් සහිත දුරකථනවල අවශ්‍යතාවක්‌ නැති බව පවසා මෙවැනි සිදුවීම්වලින් පන්නල පොලිස්‌ වසමේ කාන්තාවන්ට අත්ව ඇති ඉරණම මෙන්ම පසුගිය දිනවල දැඩි ආන්දෝලනයට ලක්‌වූ කාන්තාවකගේ ලිංගික ප්‍රදේශය සපාකෑ සිදුවීම වැනි සිදුවීම් බොහෝමයක්‌ ගෙනහැර පාමින් කාන්තාවන්ගේ නොදැනුවත්භාවය හා නොසැළකිල්ල මෙවැනි ප්‍රශ්න නිර්මාණය කරන බවත් පවසා දැඩි සේ අවවාදකොට බිරිඳ විසින් සැමියාට වැඳ සමාවගත් පසු බිඳුන පවුල එක්‌කොට පිටත්කර හැරිණ.
Loading...
සැමියා විදේශගතව සිටින අතරේ කුලියාපිටියේ බිරිඳක් තරුණයෙකුට යැවූ නිරුවත් සෙල්ෆි ලීක් වෙලා සැමියා විදේශගතව සිටින අතරේ කුලියාපිටියේ බිරිඳක් තරුණයෙකුට යැවූ නිරුවත් සෙල්ෆි ලීක් වෙලා Reviewed by Chathura Perera on 9:31:00 PM Rating: 5

No comments:

Powered by Blogger.