තාත්තා නැති ගෙදර අම්මගෙයි ආච්චිගෙයි අනඟ රැඟුම් ඉවසන්න බැරි තැන දුව කරපු වැඩේ

Loading...


තම මවගේ කෲර වධහිංසා ඉවසා දරාගත නොහැකිවූ නව හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ නිවසින් පැනවිත් ඇති බව රක්‌වාන පොලිසිය පවසයි.

මෙසේ පැමිණ ඇත්තේ රක්‌වාන ඕබඩකන්ද නො.2 වතු නිවාස වල පදිංචිව සිටි 4 වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවකි. මෙම දැරියගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත බවත්, මව වෙනත් අයෙකු සමඟ සම්බන්ධතාවයක්‌ ඇති කරගෙන ඇති බවත්, එම තැනැත්තාත් මවත්, මවගේ මවත් (මිත්තනිය) යන අය නිතරම කසිප්පු පානය කරමින් අශෝභන ලෙස හැසිරෙන බවත්, තමන්ට කෲරලෙස පහර දෙන බවත්, ඒවා විඳදරා ගත නොහැකි තැන බස්‌ රථයකට නැග රක්‌වාන නගරයට පැමිණි බවත් නගරයේ අතරමංව සිටියදී එහි සිටි පිරිසක්‌ තමා රක්‌වාන පොලිසියට භාරදුන් බවත් මෙම ශිෂ්‍යාව රක්‌වාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති නෙත්මියාපා මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළාය.

රක්‌වාන පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. ප්‍රසන්න නානායක්‌කාර මහතාගේ උපදෙස්‌ පරිදි සිදුකරන ලද විමර්ශන අනුව දැරියගේ සිරුරේ තිබූ සුළු තුවාල කිහිපයකට ප්‍රතිකාර ලබාදීමට ඇය මේවන විට රක්‌වාන රෝහලට ඇතුලත් කර තිබේ.

දැරියට කෲරත්වයෙන් සැලකීම සම්බන්ධයෙන් ඇයගේ මවට, මිත්තනියට සහ අනෙක්‌ තැනැත්තාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් දැරිය මවගේ දෙමාපියන්ට හෝ පරිවාස භාරයට පත්කිරීමට කටයුතු කරන බවත් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති නෙත්මියාපා මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
Loading...
තාත්තා නැති ගෙදර අම්මගෙයි ආච්චිගෙයි අනඟ රැඟුම් ඉවසන්න බැරි තැන දුව කරපු වැඩේ තාත්තා නැති ගෙදර අම්මගෙයි ආච්චිගෙයි අනඟ රැඟුම් ඉවසන්න බැරි තැන දුව කරපු වැඩේ Reviewed by Chathura Perera on 9:45:00 PM Rating: 5

No comments:

Powered by Blogger.