සැප දෙනවා කියලා කොල්ලන්ව රූම් වලට එක්කන් ගිය අක්කා ගහපු අමුතු ගේම

Loading...

පිරිමින් රවටා ලැඟුම්හල්වලට රැගෙන ගොස් මුදල් සහ අනෙකුත් දෑ කොල්ලකන කාන්තාවක් මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව විසින් පිරිමි පුද්ගලයින් සමග හිතවත්කම් ගොඩනගාගෙන පසුව යහන්ගතවීම සඳහා ලැගුම්හලකට යෑම සඳහා ආරාධනා කර තිබෙනවා.
පසුව පෙති වර්ගයක් ලබාදී ඇය පවසා ඇත්තේ එම පෙති පානය කළ පසු ශක්ති වර්ධනයක් සිදුවන බවයි.
එම පෙති පානය කිරීමෙන් පසු පිරිමියාට නින්ද යන බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
පසුව එම පුද්ගලයා සතු මුදල් සහ වටිනා සියල්ල කාන්තාව විසින් කොල්ලකා පලා යන අතර ඇගේ ස්වාමියාගේද සහය ඇතිව මෙය සිදුකර ඇති බවයි හෙලිව තිබෙන්නේ.
නිට්ටඹුව ප්‍රදේශයේ ආපන ශාලාවක සවිකර තිබූ සී. සී. ටී. වී කැමරාවක ඇය පිරිමියකු සමඟ සංවාදයේ යෙදෙන ආකාරය සටහන්ව තිබෙනවා.

ඒ ඔස්සේ පරීක්ෂණ කළ මීරිගම පොලිසිය සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන කොල්ලකෑ භාණ්ඩ රැසක් පොලිසිය සොයාගෙන ඇති බවයි ආරංචි මාර්ග පැවසුවේ.
Loading...
සැප දෙනවා කියලා කොල්ලන්ව රූම් වලට එක්කන් ගිය අක්කා ගහපු අමුතු ගේම සැප දෙනවා කියලා කොල්ලන්ව රූම් වලට එක්කන් ගිය අක්කා ගහපු අමුතු ගේම Reviewed by Chathura Perera on 8:33:00 PM Rating: 5

No comments:

Powered by Blogger.