රිටිගල රාවණා පැණියට බාල්දියක් උකුසු බිත්තර ගැනීම නීති විරෝධීයි
උකුසු බිත්තර හා එම කැදලි ඉවත් කිරීම හා විනාශ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ බව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ සඳහන්ව ඇති බවත් පරිසරවේදී හා නීතීඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඇතැමුන් උකුසු බිත්තරවලින් කොරෝනා නසන ඖෂධ හදන බව පැවසුවද එහි නීතියම තත්ත්වය මේ ආකාරයෙන් බවත් ඔහු කියා සිටියේය.
උකුස්සන් බිත්තර දමන්නෙ ඉතා උස් ගස් වල බවත් ඒ අනුව එම කැදලි මිනිස් ඇසට දැකීම ඉතා දුර්වල බවත් වසන ඔහු ඇතැම් උකුසු විශේෂ මේ වන විට වඳවෙමින් යමින් ඇතැයිද පැවසීය.
උකුසු බිත්තර හෝ කුරුලු කැදලි විනාශ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව ද ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
උකුස්සන් වසරකට බිත්තර දමන්නේ දෙකක් පමණක් බවත් ඒ දමන්නේද ඉතා උස් ගස්වල බවත් ඒ තත්ත්ව යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කොරෝනා ඖෂධ නිෂ්පාදනයට තබා දැක දැක ගැනීමට තරම්වත් මෙම උකුසු බිත්තර සොයා ගැනීමට අසීරු බව ද ඔහු තවදුරටත් පැවසීය.
Reviewed by LCN admin
on
6:40:00 AM
Rating:

No comments: