හතර නවත්වන්න ගිය එංගලන්ත ක්‍රීඩකයාගේ ‘කකුලක්‘ පිටිය මැදදි වෙන්වෙලා
Loading...
මෙම තරඟාවලියට එංගලන්තය පකිස්ථානය බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය යන රටවල් සහභාගි වුණා.
තරඟාවලියේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබාගත්තේ එංගලන්ත කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායමයි
එහිදි සිදූවූ සුවිශේෂී සිදුවීමක් පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුණා.
මෙහිදී පකිස්ථාන පිතිකරුවෙකු පන්දුවට පහර දෙන අතර එය හතරේ සීමාව දෙසට ඇඳී යනවා.
එහිදි එංගලන්ත පන්දු රකින්නෙකු ඒ වෙත පැමිණ පන්දුව රැකීමට උත්සහ කරද්දි ඔහුගේ ආබාධිත කකුලට සවිකර තිබූ කෘතීම කකුළ ගැලවී යනවා.
නමුත් ඔහු ඒ ගැන නොතකා පන්දුව රැක කඩුලු රකින ක්‍රීඩකයා වෙත යොමු කිරීමට සමත් වනවා.
මොහු නමින් ලියම් තෝමස්.
ඔහුගේ මෙම ධෛර්ය සම්පන්න බව බොහෝ දෙනෙකු අගය කොට තිබුණා.
තරඟයෙන් අනතුරුව මේ පිළිබඳව අදහස් දැක්වූ ලියම් පවසා තිබුණේ ‘‘පන්දුව රැකගන්නවාද කකුල අල්ලගන්නවාද යන්න මට වැටහුණේ නැහැ..නමුත් අන්තිමේදි මම පන්දුව රැකගන්න තීරණය කළා‘‘ යනුවෙනි.
එම වීඩියෝව පහතින් නරඹන්න...
Loading...
හතර නවත්වන්න ගිය එංගලන්ත ක්‍රීඩකයාගේ ‘කකුලක්‘ පිටිය මැදදි වෙන්වෙලා
Reviewed by Chathura Perera
on
10:54:00 PM
Rating:
Reviewed by Chathura Perera
on
10:54:00 PM
Rating:

No comments: