වසර 46 තිස්සේ ඉංග්‍රීසි තහනම් අරුම පුදුම ඉස්කෝලේ
Loading...

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ අනෙකුත් අධ්‍යාපනයට සම්බන්ධ ආයතනවල නිලධාරීන් පහළදිග්ගල ප්‍රාථමිකය යනුවෙන් පාසලක් තියෙනවා දැයි කියා දන්නවාද යන්නද සැක සහිත බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඒ මන්දයත් එම පාසල ගැන වගකිව යුත්තන් දන්නවා නම් වසර 46ක් තිස්සේ එම පාසලට ඉංග්‍රීසි ගුරුවරයකු නැති වන්නට විදියක් නැති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
මෙම මවුපියන් සහ වැඩිහිටියන් ප්‍රශ්න කර සිටින්නේ අප වැනි දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට ඉංගීසි අධ්‍යාපනය අකැපද කියාය.
එසේ නැත්නම් අප වැනි ගම්බද දුප්පත් දරුවන් ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉංග්‍රීසියෙන් කතා කරයි කියා බයක් ඇති දැයි ඔවුහු විමසති.
ගම්මුන් මේ තත්ත්වය පිළිබඳ සොයා බලා විස්තර කරන්නේ එම පළාතේම පහසුකම් ඇති ඇතැම් පාසල්වල ඉංග්‍රීසි ගුරුවරු දෙදෙනකු බැගින් රාජකාරි කරන බවයි.
Loading...
වසර 46 තිස්සේ ඉංග්‍රීසි තහනම් අරුම පුදුම ඉස්කෝලේ
Reviewed by Chathura Perera
on
10:45:00 PM
Rating:
Reviewed by Chathura Perera
on
10:45:00 PM
Rating:

No comments: