දියවැඩියා මැෂිමක් ඇස්වාට්ටුවෙත්
Loading...
කොළඹ නයනාරෝග්‍යශාලාව (ඇස්වාට්ටුව) ඇතුළු ප‍්‍රධාන රෝහල් ගණනාවක අධික සීනී සහිත කැෆේන් අඩංගු කෝපි පානයක් අලෙවිය සඳහා ඉඩ ලබාදී තිබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත තම විරෝධය පළ කර සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
සීනි භාවිතය අවම කිරීම සඳහා අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නංවා ඇති බව සිහිපත් කරන එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ ඊට සමගාමීව අධික සීනී සහිත පානයක් වන එම කෝපි පානය අලෙවිය තහනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියා කළ යුතු බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසූයේ රජයේ රෝහල් ආපනශාලාවල වැඩි සීනි සහිත කෝපි පාන වර්ග අලෙවි කිරීම සඳහා අවසර ලබා දී ඇත්ද යන්න පිළිබඳ සොයා බලන බවත් එවැනි අවසරයක් ලබා දී ඇත්නම් එය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා බවත්ය.
Loading...
දියවැඩියා මැෂිමක් ඇස්වාට්ටුවෙත්
Reviewed by Chathura Perera
on
5:47:00 AM
Rating:
Reviewed by Chathura Perera
on
5:47:00 AM
Rating:

No comments: