මේ පානය සකසා උදෙන්ම බිව්වොත් ඊළඟ දවසේ ඔබට වයස අවුරුදු 20 ක තරුණ පෙනුමක් ලැබේවි

Loading...
ඔබ කවදා හෝ අසා තියේද තරුණ වෙන්න ස්වර්ණමය පානයක් ගැන. අනිවාර්යෙන්ම නැහැ. ඔබ අසා නැති නිසා අනිවාර්යෙන්ම මෙය කියවාවි. අපි අද පෙන්වා දෙන්න යන්නේ අවුරුදු 20 ක පෙනුම ගන්න පුළුවන් බලවත් පානයක් ගැනයි. මේ පානය සඳහා යොදා ගන්නේ 100% ක්ම ස්වභාවික අමුද්‍රව්‍යයි.


මෙහි ප්‍රධාන ස්වභාවික අමුද්‍රව්‍ය වනුයේ කහ යි. අපි දන්නා තරමින් කහ කියන්නේ ඉතාමත් ගුණදායක, කුළු බඩුවක් ලෙසිනුත් එදිනෙදා දිවියේදී භාවිතා කරන ස්වර්ණමය අමුද්‍රව්‍යකි. කහ වල ඉතා ඉහල අගයකින් පෝෂ්‍ය ද්‍රව්‍ය අඩංගු වන අතර සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් මෙමගින් ගෙන දෙනවා. කහ වල පවතින ප්‍රධාන සංඝටකය වන්නේ curcumin. මෙහි ඉතාමත් ප්‍රභල polypheno නම් සංඝඨකය අඩංගු වන අතර 150 කට අධික චිකිත්සික ප්‍රතිලාභ වලින් බහුලයි. එසේම පිළිකා නාශකයක් වශයෙන්ද, උෂ්ණය නසන ඖෂධයක් වශයෙන් සහ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද බහුලයි.

ඉහත ප්‍රකාශ කල පරිදි සෞඛ්‍යමය වශයෙන් කහ වල ඇති ප්‍රතිලාභ අනන්තයි. එනම්

- එය අක්මාව පිරිසිදු කරයි.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරවයි.
- මොලයේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරවමින් මතකය ප්‍රාණවත් කරයි.
- අධි රුධිර පීඩනය නැති කරවයි.
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරවයි.
- ස්නායු ආබාධ නැති කර දමයි.
- ආහාර ජීරණය පහසු කරවයි
- සම ප්‍රාණවත් කරවයි
- පරිවෘතිය වේගය සහ ශරීරයේ බර මනාව කළමනාකරණය කරවයි.

මෙවැනි දහසකුත් ප්‍රතිලාභ රැසක් මෙමගින් ලබාදෙයි. ඔබ දන්නවද කහ සමග කළු ගම්මිරිස් එකතු කල හැකි බව ? කළු ගම්මිරිස් වල ඇති රසායනිකයන් සමග කහ ඉතා ප්‍රභල සංයෝගයක් තනයි. එමගින් කහ වල ගුණය දහස් වාරයක් වැඩි කරවයි.

දැන් අපි බලමු මෙම ස්වර්ණමය පානය තනා ගන්නා ආකාරය

ප්‍රථමයෙන් කහ පේස්ට් එක තනා ගත යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ

- කහ කුඩු කෝප්ප කාලක්
- කුඩු කරගත් කළු ගම්මිරිස් තේ හැඳි භාගයක්
- උණු කර නිවා පෙරා ගත් වතුර කෝප්ප භාගයක්

මේ අමුද්‍රව්‍ය සියල්ල භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉතාමත් මඳ උණුසුමේ තබමින් හොඳින් මිශ්‍ර කරන්න. ඇලෙන සුළු ඝන මිශ්‍රණයක් (පේස්ට් එකක්) වන තෙක් හොඳින් කලවම් කරන්න. රත් කරන අවස්ථාවේදී මිශ්‍ර කිරීම නතර කරන්න එපා. මොකද මිශ්‍රණය භාජනයේ ඇලෙන්න ඉඩ පවතින බැවින්. එබැවින් මිශ්‍රණය නොනවත්වාම හැඳි ගාන්න. මිශ්‍රණය පදමට තනා ගත් පසු සිසිල් වන්නට ඉඩ හැර ශිත කරණයේ තබන්න.

දැන් අපි බලමු මේ කිරි පානය තනා ගන්නා අයුරු. ඒ සඳහා අවශ්‍ය වන්නේ

- ආමොන්ඩ් කිරි කෝප්ප එකයි ( Almond Milk සුපිරි වෙළඳ සැල් වල විකිනීමට ඇත)
- පොල් කිරි තේ හැඳි එකයි
- මි පැණි තේ හැඳි එකයි
- ඉහත සකසා ගත් කහ පේස්ට් එකෙන් තේ හැඳි කාලයි

මි පැණි හැර අනෙක් සියළුම අමුද්‍රව්‍ය එකට එකතු කර මිශ්‍ර කරගන්න. ඉන් පසු මඳ උණුසුමේ පිස ගන්න. හොඳින් මිශ්‍ර කරමින් මඳ උණුසුමේ හැඳි ගාන්න. දැන් මිශ්‍රණය ලිපෙන් බා මඳක් සිසිල් වන්නට තබා මි පැණි තේ හැඳි එකක් දමා පානයට ගන්න. සැමදා මෙය පානයෙන් තරුණ වීමට හැකිවනවා පමණක් නොව විස්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ඔබට හිමිවනවා නිසැකයි.


මේ පානය තනා ගැනීමේ දී යම් අපහසුතාවයක් වුවහොත් පහත වීඩියෝව බලා පානය තනා ගැනීමට හැක. පහත වීඩියෝවේ අමුද්‍රව්‍ය වල සුළු සුළු වෙනස්කම් ඇති. හදන ක්‍රමය ගැන අවබෝධ කරගැනීමට මෙය උපකාරී කරගන්න.



Loading...
මේ පානය සකසා උදෙන්ම බිව්වොත් ඊළඟ දවසේ ඔබට වයස අවුරුදු 20 ක තරුණ පෙනුමක් ලැබේවි මේ පානය සකසා උදෙන්ම බිව්වොත් ඊළඟ දවසේ ඔබට වයස අවුරුදු 20 ක තරුණ පෙනුමක් ලැබේවි Reviewed by Chathura Perera on 8:39:00 PM Rating: 5

No comments:

Powered by Blogger.