සුදු වාහන ඇතුලේ වෙන කලු වැඩ

Loading...

වාහනයක් කියන්නේ හුගදෙනෙක්ගේ සිහිනයක්. කවුරු කවුරුත් උත්සාහ කරන්නේ මොන ක්‍රමයෙන් හරි සල්ලි ටිකක් එකතු කරගෙන වාහනයක් ගන්න එක. පසුගිය කාලයේ සිද්ධවුණු බදු වැඩි වීම් එක්ක ඇතමුන්ගේ වාහන සිහිනය බොඳවෙලා ගියාද කියලත් හිතෙනවා. හැබැයි අද අපි කථා කරන්නේ වාහන මිල ගැන නම් නෙවෙයි. වාහනවලට අදාළ නීතියක් ගැන.

අපි දැකලා තියෙනවා සමහර වාහනවල වීදුරු කලු කරලා තියෙනවා. ඒ වගේම සමහර වාහනවලට තිර රෙදි යොදලා තියෙනවා. ඔන්න දැන් මේ වාහනවලට වැඩ වරදින්නයි යන්නේ. නීතියට පටහැනිව තියෙන මේ වගේ වාහන වටලන්න පොලිසිය පියවර අරං. පෙරේදා ඉඳලා මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා කියලයි පොලිසිය කියන්නේ. ඒකට හේතුව අඳුරු කරපු වාහනවල විවිධ අපචාර අක්‍රමිකතා වීම පාලනය කිරීම කියලයි පොලිසිය නම් කිව්වේ.

මේ ගැන එෆ් බී පොලිටික්ස් එකේ මේ දිනවල ලොකුවට කථා වෙන නිසා එෆ් බී පොලිටික්ස් වලදී කථා කරන්න අපි තීරණය කලා. හැබැයි හුග දෙනෙක් කිව්වේ මේ නීතිය පොඩි මිනිහට විතරයි ක්‍රියාත්මක වෙන්නේ ලොකු අයට බලපාන්නේ නැහැ කියලා. මැති ඇමතිවරුන් යන VIP හරි එහෙම නැත්නම් VVIP හරි කියලා ගහලා තියෙන වාහනවලට මේ නීති කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලයි හුග දෙනෙක් කරලා තිබුණේ. නීතිය හරියට බල ගන්වන්න පොලිසිය හදාගත්තොත් අන්න එතනදී සාර්ථකත්වය තියෙන්නේ. දන්නවද වීදුරු අඳුරු කිරීම ගැන ලංකාවේ තියෙන නීතිය කොහොමද කියලා? අහලා බලන්න අද එෆ් බී පොලිටික්ස්
Loading...
සුදු වාහන ඇතුලේ වෙන කලු වැඩ සුදු වාහන ඇතුලේ වෙන කලු වැඩ Reviewed by Chathura Perera on 9:18:00 AM Rating: 5

No comments:

Powered by Blogger.