බෝගම්බර බන්ධනාගාරය ඇතුලේ සැගවුණු දේවල්
Loading...
එදා ඒ ආකාරයෙන් ඇය ගිල්වා ජිවිතක්ෂයට පත්කළ බෝගම්බර වැව පිහිටා තිබුණේ වර්තමානයේ බෝගම්බර ක්‍රීඩාපිටිය ඇති ස්ථානයේ බවත්, එහි වැව් තාවුල්ල බෝගම්බර බන්ධනාගාරය තෙක් විහිදී තිබිම නිසා අදටත් බෝගම්බර බන්ධනාගාරය තුළ ඇහැලේපොළ කුමාරිහාමි ගේ මෘතදේහය ගොඩගත් ස්ථානය දක්නට ලැබේ. තවත් වැදගත් කරුණක් මෙහිදී සඳහන් කළ යුතුව තිබේ. එය නම් ඇහැලේපොළ කුමාරිහාමි අවතාරයක් ලෙස බෝගම්බර ක්‍රීඩාපිටිය ප්‍රදේශයේ සමහර දිනවල රාත්‍රියේ සැරිසරන බව ය. එම ප්‍රදේශය අවට බොහෝ දෙනෙක් ඇය දැක තිබෙන අතර, කිසිවකුටත් කරදරයක් කර නොමැත. බෝගම්බර බන්ධනාගාරය ඉදි කිරීම පිළිබඳව ද ඇත්තේ දීර්ඝ වු ඉතිහාසයකි.
සෙංකඩගල යන නම සෑදී ඇත්තේ උඩවත්ත කැලේ භාවනා යෝගීව වාසය කළ සෙංකණ්ඩ බ්‍රහ්මණයා සිහිවීම පිණිස බව එක් අදහසකි. එසේ නම් බෝගම්බර යන වචනය සෑදී ඇති ආකාරය පිළිබඳව ද දැන ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනු ඇත. ඒ පිළිබඳව ද මත කිහිපයක්ම පවතී. ඉන් එකක් නම් බොහෝ ගම්වර ලබා දී ඇති බව පැවසීමටය. අනෙක් කරුණ නම් බෝ ගස් බොහොමයක් එම ප්‍රදේශය පැවති නිසා බෝගම්බර යන නම භාවිතයට පැමිණි බව ය.
ක්‍රි.ව 1815 දි ඉංග්‍රීසින් විසින් කන්ද උඩරට සිංහල රාජධානිය යටත් කර ගනු ලැබීමෙන් වසර හැට එකකට පමණ පසු ක්‍රි.ව 1876 වසරේදී බෝගම්බර බන්ධනාගාරය ඉදි කර ඇත. එය සිරකුටි 43 ක්ද, සිර මැදිරි හතරකින් ද සමන්විත වී තිබේ. මෙම බන්ධනාගාරය ඉදි කර ඇත්තේ එවකට බන්ධනාගාර පරීක්ෂක ජනරාල් සහ පොලිස් පරීක්ෂක ජනරාල් වශයෙන් කටයුතු කළ එන්.ආර් සොන්ඩර්ස් මහතා විසිනි. බන්ධනාගාරය ඉදි කර ඇත්තේ එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව නමින් හඳුන්වන ලද ආයතනය හා සිරකරුවන් අනුදෙදෙනකු (92) විසිනි. සිරකරුවන් 408 දෙනකු සඳහා ප්‍රමාණවත් ලෙස ඉදි කර තිබේ. මෙහි තෙමහල් ගොඩනැගිල්ලේ සිරමැදිරි 328 ක් තිබෙන අතර, මෙරට ආරක්ෂිත බන්ධනාගාර අතුරින් දෙවෙනි තැන හිමි වෙන්නේ බෝගම්බර බන්ධනාගාරයට ය. ප්‍රථම ජේලර්වරයා වූයේ වෙලින්ටන් මහතා ය. හෙක්ටයාර පන්දහස් පන්සිය අනූහයක භූමි ප්‍රමාණයක බන්ධනාගාරය ඉදි කර ඇත.
ඉංග්‍රීසින් ගේ පාලන කාලයේ එනම් කි‍්‍ර.ව 1876 ට පෙර සෙංකඩගලපුර මරණීය දණ්ඬනය ක්‍රියාත්මක කරන ලද්දේ දැනට මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට තිබූ හැන්ග්මන්ස් හිල් නම් කුඩා කඳු ගැටයක ය. බෝගම්බර බන්ධනාගාරය සෑදීමෙන් පසු ඒ තුළ මරණිය දණ්ඩනය කරන ලදී. අවසාන වශයෙන් බෝගම්බර දී එල්ලා මරණයට පත් කරන ලද්දේ කි‍්‍ර.ව 1975 වසරේදී ය. ඒ වන විට සිරකරුවන් 524 දෙනෙක් එල්ලා මරණයට පත් කර තිබුණි. අවසාන වරට එනම් කි‍්‍ර.ව 1975 නොවැම්බර් මස 21 සහ 22 යන දින වල එල්ලා මරණයට පත් කර ඇත්තේ තිස්මඩ මිනීමැරුමට වරදකරුවන් වූ ඩබ්ලිව්.ඞී රිචඞ් සහ ටී.එම් ජයවර්ධනය.
බෝගම්බර බන්ධනාගාරයේ සිර ගතව සිටි ප්‍රසිද්ධ පුද්ගලයන් අතර කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා යන මහත්වරු පමණක් නොව සරදියෙල්, සිරිපාල හෙවත් මරුසිරා, ද සිටියහ. මෙහි බෞද්ධ රැුඳවියන්ගේ ආගමික කටයුතු වසර හැට දෙකක්( 62) තිස්සේ කරන ලද්දේ මල්වතු මහා විහාරයේ අතිපූජ්‍ය අඵත්ගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ය.
Loading...
බෝගම්බර බන්ධනාගාරය ඇතුලේ සැගවුණු දේවල්
Reviewed by Chathura Perera
on
9:56:00 PM
Rating:
No comments: