එන්නත් කලින් ලීක් වුණු ටීනාගේ ලිප් කිස් එක ගැන ටීනා කියන කතාව

Loading...
ජනප්‍රිය නිරූපන ශිල්පිනි ටීනා ෂනෙල් ගැන පහුගිය දවස්වල වැඩියෙන් කතාබහක් ඇතිවුණා. ඒ මියුසික් වීඩියෝවක ඇගේ තොල් සිප ගැනීමේ දර්ශනයක් අන්තර්ජාලයට එක්වීමත් සමගයි. ඒ ගැන වගේම තවත් ටීනාගේ අලුත්ම තොරතුරු ටීනා සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ වගේ දෙයක්.
ටීනාටත් මේ දවස්වල ගොසිප්වල සෑහෙන හිට්නෙ..?
ඔව් අනේ ටීනා දැන් ගොසිප්වලටත් ගිහින්නෙ.
ගොසිප් යන්නෙ හොඳ දේවල්වලට නම් කමක් නෑනෙ.
ඒකනෙ. මම මෑතක රඟපාපු මටමයි කියාගන්න ඕනෑ මියුසික් වීඩියෝ එකේ තොල් සිප ගැනීමක් තිබුණා. ඒක එන්න කලින්ම ලීක් වෙලානෙ.
එන්න කලින්ම ලීක් වුණාද ලීක් කළාද?
අනේ මන්දා. කොහොමහරි ඒවා වෙබ්වලට ෆොටෝ ටිකත් ගිහින්. දැන් එක එක්කෙනා. මගෙන් ඒ ගැන අහනවා.
මියුසික් වීඩියෝ එකකදි ඕනෑම අභියෝගයක් භාරගන්නවද?
අපෝ නෑ. මට කරන්න හිතුණොත් ඒ අය එක්ක වැඩ කරනවා. එහෙම නැතිව හැම අභියෝගයක්ම භාරගන්න අමාරුයිනෙ. සින්දුව රිලීස් වුණාම හැමෝටම ඒක තේරෙයි.
සින්දුවෙ දර්ශන කිහිපය හින්දා හැමෝම කියන්නෙ ටීනා, නදීශාව අනුකරණය කළා කියලයි..?
කොහොමද එහෙම වෙන්නෙ. ඕනෑ කෙනෙක්ට ඕනෑ දෙයක් කිව්වහැකි. නදීශා අක්කා කියන්නෙ වෙනමම ටැලන්ට් තියෙන අනෙක් අය වගේ බොරු සෝබන නැති ආටිස්ට් කෙනෙක්. ඒත් මම එයාව අනුගමනය කරන්නෙ නම් නෑ.
ටීනා කවුරුන්ව අනුකරණය නොකළට ටීනා වගේ අය දැන් වැහි වැහැලනෙ.
ගොඩක් අය මං විදියට ඇඳුම් අඳින්න ට්‍රයි කරනවා. කවුරු හරි මං අඳින ජාතියේ ඇඳුමක් ඇන්‍ෙදාත් මම ඒ මගෙ ඇඳුම ඩස්පින් දානවා.
මේ කතා අහලා රසිකයො මොකද කියන්නේ?
මගෙ වැඩවල මට අවාසි වෙන තැනුත් නැතිවම නෙවෙයි. සමහරු මං ඔය වගේ සිපගැනීම් කරන දර්ශනවලට අකැමැතිත් ඇති. හොඳ කියන අයත් ඇති.
මියුසික් වීඩියෝ ඩිරෙක්ට කෙනෙක් එක්ක හාදකමක් තියෙනවාලු නේද?
ඕවා බොරු කතා. මං එහෙම නෑ. වැඩේ කරගත්ත ඉවරයි.
වීඩියෝ වල නිරූපනයට ආවත් ටීනගෙ ගාණ නම් සැරයිලු නේද?
මම මොඩල් කෙනෙක්. ඒ ස්ටෑන්ඩඩ් එක තියාගෙන ඉන්නෙ. අනෙක මම ජීවත්වෙන්නෙ කලාවෙන්නෙ.
රඟපෑමකට හරි වෙනකෙනෙක්ට ලිෆ් කිස් එකක් දුන්න එකට ඔයාගෙ පෙම්වතා කැමැති වුණාද? පෙම්වතා? ඇයි ඒ දවස්වල ප්‍ර්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කරන අලුත් චිත්‍රපටයෙ රඟපානවට අකැමැති වුණු කෙනා?
ආ එයාද. මගෙ අවුරුදු හතරක ලව් එක නතර වුණා. දැන් අලුත් පෙම්වතෙක් ඉන්නවා.
ඒ කියන්නෙ ආපහු ෆිල්ම් එකේ රඟපානවා?
මම රඟපාන එක නතර කළේ නෑ. ලබන සතියෙ ඉඳන් ෂූටින්.
ෆිල්ම් එකේ චරිතයත් ආන්දෝලනාත්මකලු නේද?

ඔව් ටීනා ගැන ඒ දවස්වලට මීට වඩා කතා කරයි.
Loading...
එන්නත් කලින් ලීක් වුණු ටීනාගේ ලිප් කිස් එක ගැන ටීනා කියන කතාව එන්නත් කලින් ලීක් වුණු ටීනාගේ ලිප් කිස් එක ගැන ටීනා කියන කතාව Reviewed by Chathura Perera on 8:03:00 PM Rating: 5

No comments:

Powered by Blogger.